කොළොන්නාව මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීම නිසා සිදු වූ හානිය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති විමර්ශන කමිටුවේ අවසන් වාර්තාව අද (06) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදෙනු ලැබීය.
එම කමිටුවේ සභාපති විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු අචාර්ය චන්ද්‍රදාස නානායක්කාර මහතා විසින් අදාළ වාර්තාව ජනාධිපතිතුමා වෙත භාරදී තිබේ.
මීතොටමුල්ල කසළ බැහැර කිරීම පිළිබඳ කෙටිකාලීන සහ දිගුකාලීන නිර්දේශ කමිටු වාර්තාව තුළ ඉදිරිපත් කර තිබෙන අතර බස්නාහිර පළාත තුළ කසළ බැහැර කිරීමේ කටයුතු කළමනාකරණය සඳහා මධ්‍ය ආයතනයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම ද එම වාර්තාවෙහි පෙන්වා දී තිබේ.
කොළොන්නාව මීතොටමුල්ල කසළ බැහැර කිරීමේ කටයුතු සඳහා භාහිර ආයතන වෙත ගෙවා ඇති මුදල් 2015 සහ 2016 වසර තුළ අසාමාන්‍ය අයුරින් වර්ධනය වී ඇති බව ද එම කමිටු වාර්තාව පෙන්වා දී තිබේ.
මෙහි නිර්දේශ හා යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේදී අදාළ අමාත්‍යංශ හා ආයතන වෙත උපදෙස් ලබා දෙන බව කමිටු වාර්තාව භාර ගනිමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
Add Comment