උතුරේ ක්‍රියාත්මකවන ‘ආවා’ ගෘෘප් හිටපු ආරක්ෂක ලේකම්ගේ අනුදැනුම හා අවශ්‍යතා අනුව මත ගොඩනැඟු මැර කල්ලියක් බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
එම කල්ලිය අදටත් ක්‍රියාත්මක වන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අවශ්‍යතා අනුව මත බවත්, එම කල්ලිය ගොඩනැගූ බ්‍රිගේඩයර්වරයා තමන් දන්නා බව ද අමාත්‍යවරයා පවසා තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (02) දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.
එකට ක්‍රියාත්මක වූ වෙනත් දෙමළ කණ්ඩායම් මර්ධනය කිරීමේ අරමුණින් මෙම කල්ලිය පිහිටුවන්නට ඇති බවත් දැන් එම කල්ලිය වෙනත් අවශ්‍යතා සඳහා යොදා ගනිමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.
– Global Tamil News : Sinhala