හිටපු ජනාධිපති අතිරේක ලේකම් කේ.ඩී. ගුණරත්නට ඇප

ජනාධිපති ලේකම් කාර්යාලයට වාහන මිලදී ගෙන රජයේ මුදල් ලක්ෂ 175ක් වංචා කිරිමේ සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති අතිරේක ලේකම් කේ.ඩී. ගුණරත්න මහතා ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (08) නියෝග කර තිබේ.

රුපියල් 50,000 මුදල් හා ලක්ෂ පහ බැගින් වු ශරීර ඇප 02ක් ඔහුට ඇප නියම කර ඇත.

කෙසේ නමුත් මෙහි දෙවැනි සැකකරු වු ජනපති ලේකම් කාර්යාලයේ හිටපු ගණකාධිකාරි එල්.ජි. ගුණරත්න මහතාගේ ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top