තරුණයන් 11 දෙනෙකු අතුරුදන් වීමේ සිද්ධියට අදාළ හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්ට යළි විවෘත වරෙන්තුවක්..

2008 වසරේදී පුද්ගලයන් එකොළොස් දෙනෙකු අතුරුදන් වීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු වන හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට නැවතත් විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (08) දින නියෝග කර තිබේ.

මේ අතර, අදාළ සිද්දිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නාවික හමුදා නිලධාරීන් දෙදෙනා වන කස්තුරිගේ ගාමිණී සහ මුතුවාහැන්දි අරුණ තුෂාර මෙන්ඩිස් යන අයව මෙම මස 22 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top