පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව අදත් පොලිස් ආරක්‍ෂාව

2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව අද (11) දිනයේ දී ජංගම සංචාර, කැරලි මර්දන කණ්ඩායම් හා මාර්ග බාධක ආරක්ෂක කටයුතු එලෙසින්ම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි, නීතිඥ රුවන් ගුණසේකර මහතා අප වෙත පැවසීය.

දිවයින පුරා පවතින පොලිස් කොට්ඨාස 42ක ඡන්ද රාජකාරී සඳහා පොලිස් නිලධාරින් 65000කට අධික ප්‍රමාණයක් යොදවා සිටි අතර පොලිස් නිලධාරීන්ට අමතර ව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයින් 5900කට ආසන්න ප්‍රමාණයක් හා විශේෂ කාර්යය බලකායේ 4000ක් පමණ යොදවා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top