ශ්‍රීලනිප ඇමතිවරු ස්වාධීන වීමේ සූදානමක්

ශ්‍රී ලංකා නිදස් පක්ෂයේ ඇමතිවරු අද (11) පෙරවරු 11.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසෙන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

එසේම, ඔහු කියා සිටින්නේ ශ්‍රීලනිප ඇමතිවරු සිය අමාත්‍යධුරවලින් ඉවත්වීමට මෙතෙක් තිරණය කර නොමැති බවයි.

කෙසේවුවද, මේවන විට අමාත්‍යවරු අතර යෝජනා දෙකක් ඇතැයිද ඉන් එකක් අමාත්‍යධූරවලින් ඉවත්වී ස්වාධීනවීම වන අතර අනෙක් යෝජනාව මේවන විට ජනතා මතය ප්‍රකාශයට පත්ව ඇති බැවින් තවදුරටත් බෙදී නොසිට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ එක්වීම බව යැයිද ඔහු පැවසීය.

කෙසේවුවද, ශ්‍රීලනිප අමාත්‍යවරු හමුවීමට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (11) පැවැත්වීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top