අගනුවර පළමු කාන්තා නගරාධිපතිනි ලෙස රෝසී සේනානායක ..

කොළඹ අගනුවර පළමු කාන්තා නගරාධිපතිනි ලෙස රෝසී සේනානායක මහත්මිය තේරී පත්වී තිබේ. මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් කොළඹ මහ නගර සභාවේ බලය යළි තහවුරු කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් වී තිබේ.

ඒ අනුව ඡන්ද 131,353 ක් ලබා ගනිමින් මහ නගර සභාවේ මන්ත්‍රී ධුර 60ක් තමන් සතු කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත්ව සිටී.

ඡන්ද 60,087 ක් ලබා ගනිමින් එහි දෙවන ස්ථානයට පත්ව ඇත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.

එම පෙරමුණට හිමිව ඇති මන්ත්‍රි ධුර සංඛ්‍යාව 23කි.

ඡන්ද 31,421 ක් ලබා ගනිමින් කොළඹ මහ නගර සභාවේ තෙවන ස්ථානයට පත් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව ඇති මන්ත්‍රී ධුර සංඛ්‍යාව 12කි.

මේ අතර එක්සත් ප්‍රගතිශීලී සන්ධානය ඡන්ද 27,168ක් ලබා ගනිමින් කොළඹ මහනගර සභාවේ මන්ත්‍රී ධුර 10ක් ලබා ගැනීමට සමත්ව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top