SRILANKAN NEWS

දෙ.ජා.ස. නායකත්වය වෙනස් කරන්නේ නම් සන්ධානයට එක්වීමට සූදානම් – ගජේන්ද්‍රකුමාර්

දෙමළ ජාතිය මහ පාරේ සිටීමට හේතුවී සිටින දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය වෙනස් කරන්නේ නම් අපි දෙමළ ජාතික සන්ධානය සමඟ එක්වී ගමන් කිරීමට සූදානම් බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා පවසයි.

යාපනයේ පිහිටි එම පක්‍ෂ කාර්‍යාලයේ අද (11) දින පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියේය. එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ,

“දෙමළ ජනතාව සිටින්නේ දෙමළ ජාතික සභාව සමඟයි. එම නිසා තමයි අපි දෙමළ ජනතාවට සිඳුවන දේශපාලන වංචාව, ද්‍රෝහිකම ගැන පෙන්වා දෙමළ ජාතික සන්ධානය ප්‍රතිපත්තිමය වශයෙන් විවේචනය කළේ. දෙමළ ජාතික සභාව වෙනසකට විශාල අඩිතාලමක් වී තිබෙනවා. අපි මුළු දෙමළ ජාතික සන්ධානයටම විරෝධය පළ කරන්නේ නැහැ. දෙමළ ජාතිය මහ පාරේ සිටීමට නායකත්වය ලබාදුන් පිරිස ඉවත් කර යහපත් නායකත්වයක් ලබාදී වංචා, දූෂණ නැති පළාත් පාලන ආයතනයක් පවත්වාගෙන යෑමට සුදුසු නායකත්වයක් පත්කරන්නේ නම් ඔවුන් සමඟ එක්වී ගමන් කිරීමට අපි සූදානම්“ යැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.