SRILANKAN NEWS

ඔනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් – රෝසී සේනානායක

ඔනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බව කොළඹ නගරාධිපතිනි ලෙස තේරී පත්ව සිටින රෝසි සේනානායක මහත්මිය පවසයි.

කොළඹ නගර සභාවට නව මුහුණුවරක් ලබා දීම ද සිය අරමුණ බවයි ඒ මහත්මිය කියා සිටියේ. මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ අදහස් ප්‍රකාශ කරමින් රෝසි සේනානායක මහත්මිය මේ බව සඳහන් කළේය. එහිදී ඇය වැඩිදුරටත් පවසා සිටියේ,

” අවුරුදු 4ක් දෙන්න මට විශේෂයෙන්ම ඩිජිටල්කරණයත් එක්ක වරිපනම් පවා අපිට නගරසභාවට යන්නැතුව ගෙවන්න ක්‍රම තියනවා ඉතින් ඒ ක්‍රම විධි හදාගෙන ඊළඟ මැතිවරණය කිට්ටු වෙනකොට කොළඹ මහනගර සභාව සුහුරු නීල හරිත ආදර්ශමත් හා කාර්යක්ෂම ඒ වගේම ජනතා හිතවාදී විශේෂයෙන්ම දුගී දුප්පත්කම නැතිකරන ශක්තිමත් මහ නගර සභාවක් සහ ආදර්ශමත් නගරයක් බවට අපි අනිවාර්යයෙන් කොළඹ නගරය පත කරනවා..”