යහපාලන රජය ලබා ගත් හොදම ජයග්‍රහණය මහබැංකුව සහ බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් වාර්තාව එළිදැක්වීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට එක්සත් ජාතික පක්ෂය කැළණිය ආසන සංවිධායක ධුරය පිරිනැමීමේ උත්සවයට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී (02) එක්වෙමින්.
‘‘අපි ලබපු හොද ජයග්‍රහනය තමයි මහ බැංකුවයි කොප් වාර්තාව.මහ බැංකුව තියෙන්නේ මං යටතේ. අපි බලයට ආපුවාහම දන්නවා චෝදනා ගනනාවක් තිබුණා ග්‍රික් බොන්ඞ් එක ගැන පුද්ගලිකව කොටස් දෙන එකෙන් ලාබ ගත්ත එක ගැන කිව්වා, එවා විභාග කරන්න ඉස්සෙල්ලා චොදනාවක් අවා මං පත් කරපු අලුත් අධිපති තුමා ගැන බැදුම්කර ගැන තිබුණ චෝදනාව. අපි තීරණය කරලා නැහැ ඉස්සෙල්ලා යහපාලන ආණ්ඩුවක් හැටියට අපිට විරුද්ධව තියෙන පළවෙනි චෝදනාව විභාග කරනවා කියලා.
මං පත්කළා ගාමිණි පිටිපන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොමිටියක්. කෑගැහුවා මේක එක්සත් ජාතික පක්ෂයේ නීතිඥයින්ගේ කොමිටියක් කියලා මම ඒක පාර්ලිමේන්තුවට දැම්මා. ඒ අතරතුරඩිව් ගුණසේකරගේ ප්‍රධානත්වයෙන් කෝප් කොමිටියේ පරීක්ෂණයක් ආරම්භ කරලා තිබුණා.පාර්ලිෙමින්තුව විසිරුවාහැරියා. අපිට මේ සැරේ වැඩිම සංඛ්‍යාව හම්බවුණා. මට තිබුණා ඒ අවස්ථාවේදී කෝප් කමිටුවේ සභාපති එක්සත් ජාතික පක්ෂයෙන් පත් කරන්න. අපි ඒ ක කළේ නැහැ. ඒ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ කෝප් කමිටුවේ සභාපති ධුරය ඉල්ලුවා. මං කිව්වා හරි ඔක්කෝටම පිළිගන්න පුළුවන් සභාපති කෙනෙක් දාන්න. සුනිල් හදුන්නෙත්ති සභාපති හැටියට පත්වුණා.
ඒ කරන ගමන් එතුමා කිව්වා මං මෙව්වත් හොයලා බලලා වර්තාවක් දානවා කියලා අය වැයට කලින්. ඒක විභාග කළා රැස්වුණා. එතුමට භාරදුන්නා ඒක විගහට ඉවර කරන්න.මොකද පාර්ලිමේන්තුවෙන් පුළුවන් කරුණු හොයලා වාර්තා කරන්න විතරයි. ඒ ගැන තමයි වාර්තා තියෙන්නේ. කෝප් වාර්තාවෙන්. ඕනෑම වාර්තාවකින් ණඩු දාන්න බෑ. නඩු දාන්න පුළුවන් ද කියලා හොයන්න කියන්න පුළුවන්. දඩ ගහන්න පුළුවන්ද කියලා යෝජනා කරන්න පුළුවන්.එතනත් මත ගැටුමක් තිබුණා.පාර්ලිමේන්තුවේ කතා කරලා සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීතුමා ඒ ගැන කිව්වට පස්සේ මං නැගිටලා එතුමට ස්තුති කළා ඒක අපි නීතිපති තුමාට දීලා ඒ අනුව උපදෙස් ගන්නවා කියලා. වෙන කරන්න දෙයක් නෑ මට. කරන්න තියෙන එකම දේ නීතිපති උපදෙස් ගන්න එක.’’
– Global Tamil News : Sinhala
Add Comment