ඉදිරි වසර දෙකහමාරකට එජාපෙ තනි ආණ්ඩුවකට සැරසෙයි

ඉදිරි වසර දෙක හමාර තුළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව. වාර්තාවෙයි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය හා එක්ව ආණ්ඩුවක් කරගෙන යෑමට කැමති ඕනෑම පක්ෂයකට ආණ්ඩුවට එක්විය හැකි බවටද ඔවුන් තීරණයක් ගෙන ඇත.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර වෙනස් කම් කිහිපයක් සිදු කර තනි ආණ්ඩුවක් ලෙස ඉදිරියට බලය පිහිටු වීමට එක්සත් ජාතික පක්ෂ පසු පෙළ මන්ත්‍රීවරු අද දින යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවද වාර්තාවේ.

එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන 106ක් හිමිව තිබේ. එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් පහිටුවන්නේ නම් කැබිනට් අමාත්‍යධුර සංඛ්‍යාව 30ක් දක්වාත් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධුර සංඛ්‍යාව 40ක් දක්වාත් අඩුවෙනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top