මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ආදිවාසී මහජන නියෝජිතවරියකුද තේරී පත්වෙයි..

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ආදිවාසි කාන්තාවක් පසුගිය දා පැවැත් වු පළාත් පාලන මැතිවරණයට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් දෙහි අත්තකන්ඩිය හේනානිගල දකුණ සහ උතුර බහු ආසනයයෙන් ජයග්‍රහණය කර තිබේ.

ඩබ්. එම්. ශිරෝමාලා (37) නැමැති තිදෙරු මවක් වන ඇය ඡන්ද 1369ක් ලබා ගනිමින් තේරී පත්ව තිබේ.

තම වැදි ජනතාව වෙනුවෙන් තම සංස්කෘතිය සහ ආගම වෙනුවෙන් කටයුතු කරන බවත් තමන් පළාත්සභා මැතිවරණයටත්, පාර්ලිමේන්තු මැතිවරණයටත් ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බවද ඇය පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top