අක‍්‍රමිකතා පිළිබඳ විමර්ශන කොමිසමේ නිලධාරින්ට පත්වීම් ලබා දෙයි..

ශී‍්‍ර ලංකන් එයාර් ලයින්ස්, සී/ස ශී‍්‍ර ලංකන් කේටරිං සහ සි/ස මිහින් ලංකා යන සමාගම්වල 2006 ජනවාරි මස 06 වැනි දින සිට 2018 ජනවාරි මස 31 වැනි දින දක්වා වූ කාලය තුළ සිදුවූවා යැයි සැලකෙන අක‍්‍රමිකතා පිළිබඳ විමර්ශන හා පරික්ෂණ කොට වාර්තා කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිලධාරින්ට පත්වීම් ලිපි පිළිගැන්වීම ඊයේ (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.

මෙම කොමිසමේ සභාපති ලෙස විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා කටයුතු කරන අතර විශ‍්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු ඊ. ඒ. ජී. ආර්. අමරසේකර, විශ‍්‍රාමලත් මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, විශ‍්‍රාමලත් නියෝජ්‍ය විගණකාධිපති එම්. ඩී. ඒ. හැරල්ඩ් යන මහත්වරුන් සහ ශ‍්‍රී ලංකා ගිණුම් හා විගණන ප‍්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. ජේ. කේ. ගීගනගේ මෙනවිය සෙසු සාමාජිකයෝ වෙති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top