ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කඩා වැටී 7ක් මරුට

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී ඊයේ (14) දින පැරණි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් හත්දෙනෙක් මියගොස් තිබේ. ඒ අතර කාන්තාවන් තිදෙනෙකුද වේ. තුවාල ලබූ පිරිස කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ බබාපුල්ලේ මාවතේ පිහිටි පෞද්ගලික සමාගම් දෙකකට අයත් තේ ගබඩා කර තිබූ ගොඩනැඟිලි සංකීර්ණයක් ඊයේ පස්වරු 1 ට පමණ මෙලෙස කඩා වැටී තිබුණි.

අනතුර සිදුවන අවස්ථාවේ ගොඩනැගිල්ල තුළ සේවකයින් 20කට අධික පිරිසක් සිට ඇති අතර අනතුරින් කාන්තාවන් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 7දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

ජීවිතක්ෂයට පත්වූවන් අතර ගොඩනැගිල්ලේ හිමිකරු ද වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top