ඇමති දයා ගමගේ මහතා සහ ඉරාන නියෝජ්‍ය ඇමැතිවරු අතර හමුවක්..

586a273ad59a7c5829c5aa9ed2d6c6ee_xlඉරානයේ සංචාරයක නිරත ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා ඊයේ (02) ඉරාන රජයේ කෘෂිකර්ම හා ධීවර විෂය භාර නියෝජ්‍ය අමාත්‍යවරුන් හමු වි සාකච්ඡා කර තිබේ.

මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනයන් වෙනුවෙන් තම රජයේ නිබද සහාය ලබා දීමට අපේක්ෂා කරන බවත් ප්‍රාථමික කර්මාන්ත අංශයේ ආයෝජන වෙනුවෙන් දෙරට අතර පුළුල් සබදතාවක් ඇති කිරීමට පියවර ගන්නා බවත් මෙහිදී අමාත්‍ය දයා ගමගේ මහතා සමග ඉරාන නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍යවරුන් පවසා ඇති බව වාර්තාවේ.

එසේම, මෙරට ධීවර කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහාය හා උපදෙස් ලබා දීමට ද කැමැත්ත දැක්වූ ඉරාන රජයේ ධීවර නියෝජ්‍ය අමාත්‍ය හසන් සාලෙයි මහතා මෙරට ධීවර නිෂ්පාදන සඳහා එරට තුළ අපනයන වෙළඳපොළක් නිර්මාණය කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top