SRILANKAN NEWS

තලයිමන්නාරමේදී නාවික හමුදාවට එරෙහිව ධීවරයන්ගෙන් විරෝධතාවක්..

ශ්‍රී ලංකා මුහුදු කලාපය තුල පිහිටි තීඩයි ප්‍රදේශයේ දී තලයි මන්නාරම ධීවරයන්ට නාවික හමුදාව දිගින් දිගටම බාධා කරන බවත්, පසුගිය 18 වනදා රාත්‍රී එම ප්‍රදේශයේ මසුන් ඇල්ලීමට ගිය ධීවරයන්ව නාවික හමුදාව පලවා හැරීම හෙලාදක ඊයේ (19) දින තලයි මන්නාරම පොලීසිය ඉදිරිපිට ධීවරයන් විරෝධතාවක් පවත්වා තිබේ.

පීඩාවට පත්වූ ධීවරයන් ඊයේ දින තලයි මන්නාරම නාවික හමුදා කඳවුරට ගොස් නාවික හමුදා නිලධාරින් වෙත තම ගැටළුව ගැන පැහැදිළි කළ අතර, තලයි මන්නාරම පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් ද ඉදිරිපත් කළ නමුත් පොලීසිය එයට නිසි ක්‍රියාමාර්ගයක් නොගත් බව පවසා මෙලෙස විරෝධතාවයක නිරතවූහ.

තමන් වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන යන ධීවර රැකියාව නිදහසේ සිඳු කිරීමට අනුමැතිය ලබා දෙන්නැයි එම ධීවරයන් එහිදී ඉල්ලා තිබේ.