SRILANKAN NEWS

අලුත් වැඩියාවක් හේතුවෙන් මැදවච්චිය සහ තලෛයිමන්නාරම් දුම්රිය ධාවනය තාවකාලිකව නවතී

තලෛයිමන්නාරම් මාර්ගයේ මඩු පාර දුම්රිය ස්ථානය හා මුරුක්කන් දුම්රිය ස්ථානය අතර මාර්ග අලුත් වැඩියාවක් හේතුවෙන් ලබන 26 වැනි දින 9.52 සිට ලබන මාර්තු 02 වැනි දින පස්වරු 2.40 අතර කාලය තුළ දුම්රිය මාර්ගය වසා තැබෙන බැවින් දුම්රිය ධාවනය නොවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කරයි.

මෙම කාලය තුළ මැදවච්චිය – තලෛයිමන්නාරම් තොට අතර හා තලෛයිමන්නාරම් තොට – මැදවච්චිය අතර දුම්රිය මගීන් සඳහා බස් සේවාවක් ක්‍රියාත්මක වන බව ද සඳහන් වේ.