අර්තාපල් ආනයන බද්ද ඉහළ දැමේ

ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑම් එකක් මත මෙතෙක් පනවා තිබූ රුපියල් 1.00 ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (23) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 30/= දක්වා ඉහළ දමා තිබේ.

දේශීය අර්තාපල් අස්වැන්න වෙළෙඳ පොළට පැමිණෙමින් තිබෙන බැවින් දේශීය ගොවියාට සහන ලබා දීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇත. මාර්තු මස 31 වැනිදා දක්වා නව බදු සංශෝධනය ක්‍රියාත්මක බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කියයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top