පන්නිපිටියදී හෙරොයින් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

පන්නිපිටිය දුම්රිය ස්ථානය අසලදී හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 09යි මිලි ග්‍රෑම් 100ක් සොයාගත් බව පොලීසිය පැවසුවේය. අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 42 හා 55 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

ඔවුන් අද (24) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top