SRILANKAN NEWS

රට යන ක්‍රමයේ මාරුවක් අවශ්‍යයි – ජනතා විමුක්ති පෙරමුණ

දැන් රටට ඕනෑ කරලා තිබෙන්නේ ඇමැති අගමැති ජනපති මාරුවකට වඩා මේ රට යන ක්‍රමයේ මාරුවක් බව ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් නලින්ද ජයතිස්ස මහතා මේ බව පවසා තිබේ.

“මොනව කළත් මේ ඔළු ගෙඩි ටික නම් එහෙට මෙහෙට හුවමාරු වෙන්නේ අලුත් ප්‍රතිපලයක් බලාපොරොත්තු වෙන්න බැහැ. නීතිපති බාර අධිකරණ අමාත්‍යවරියගේ හෝ පොලිසිය බාර නීතිය හා සාමය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයන් නිසා හොරු නෑල්ලෙනවා නෙමෙයි. ඒ සඳහා සමස්ත කැබිනට් මණ්ඩලය වගකිව යුතුයි. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතිවරයායි. බොහෝ දෙනෙකුට අමතක වුණාට තවමත් මේ රටේ සිටින්නේ පූර්ණ විධායක බලැති ජනාධිපතිවරයෙක්. ඔහුට සියලු දේ කළ හැකියි. පොඩි අමාත්‍යංශයක් දීලා හොරාකන්න බැරි වූ කෙනෙකුට ලොකු අමාත්‍යංශයක් දීලා හොරාකන්න අවස්ථවක් දීම විතරයි සිදුවෙන්නේ. ඇත්තවශයෙන්ම දැන් රටට ඕනෑ කරලා තිබෙන්නේ ඇමැති අගමැති ජනපති මාරුවකට වඩා මේ රට යන ක්‍රමයේ මාරුවක්. 2015 ජන වරම ආරක්ෂා කරන සැබෑ මාරුවක්. ඒකට ජනතාව තීන්දුවක් නොගන්නා තාක් කල් රට මෙහෙමම තිබේවි.” යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.