SRILANKAN NEWS

රට තුළ ඩීසල් හිඟයක් නැහැ – තෙල් සංස්ථාව

රට තළ ඩීසල් හිඟයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කර රට අස්ථාවර කිරීමේ අරමුණින් රට පුරා ඩීසල් හිඟයක් පවතින බවට අසත්‍ය ප්‍රචාරයක් මේ වන විට පැතිර යවමින් තිබෙන බව ද එම සංස්ථාව සඳහන් කරයි.

කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ හා මුතුරාජවෙල තොග ගබඩාවල ඩීසල්, පෙට්‍රල් හා භූමිතෙල් ඇතුලු අවශ්‍ය සියලුම ඉන්ධන ප්‍රමාණවත් පරිදි තිබෙන බවත්, මේ පිළිබඳ කිසිදු අනිසි බියක් ජනතාව ඇතිකරගත යුතු නැති බවයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

වෙබ් අඩවියක හා ජනමාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදු කරන බවත්, අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ වන විට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව ද සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.