SRILANKAN NEWS

ශ්‍රී ලංකා රජය කළ අසාධාරණකම් අමතක කිරීමට හෝ සමාව දීමට නොහැක.. – කුහදාස්

ශ්‍රී ලංකා රජය සහ එහි ත්‍රිවිධ හමුදාව දෙමළ ජනතාවට එරෙහිව සිඳුකළ අසාධාරණකම් දෙමළ ජනතාව අමතක නොකරනු ඇත, එයට සමාව ද නොදෙන බව උතුරු පළාත් සභා මන්ත්‍රී එස්. කුහදාහස් පවසයි.

ඊයේ (27) වනදා පැවැති උතුරු පළාත් සභාවේ 117වැනි සැසිවාරයට සහභාගිවෙමින් ඔහු මේ බව පවසා සිටියේය. එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ,

මම යුද්දයේ අවසානය වන තෙක් යුද්දය තුළ ජීවත්වූ කෙනෙක්, එම කාල වකවානුවේ දී ශ්‍රී ලංකා හමුදාව ජනතාව වෙතත්, තුවාලවූවන් රැඳී සිටි රෝහල්වලටත් ගුවන් ප්‍රහාර එල්ල කරමින්, ෂෙල් ප්‍රහාර එල්ල කරමින් අහිංසක ජනතාව හා ළමුන්ව ඝාතනය කළා.

ආරක්‍ෂක යුද මුඛත කලාප යැයි ඇතැම් ප්‍රදේශයන් නම් කළ ශ්‍රී ලංකා හමුදාව එම ආරක්‍ෂක කලාපය තුළට පැමිණි ජනතාව වෙත ද එල්ල කළ ප්‍රහාරවලින් දහස් ගණනක අහිංසක ජනතාව සහ ළමුන් ඝාතනයට ලක්වුණා.

යුද්දය උග්‍රවීමට පෙර ලක්‍ෂ පහක පමණ දෙමළ ජනතාව එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශයේ සිට යුද්දය පැවැති කලාපය තුළ අසුවී තුන් ලක්‍ෂ 75දාහක පමණ පිරිසක් යුද්දයෙන් දිවි බේරාගෙන එළියට පැමිණි අතර, එක් ලක්‍ෂ 25දාහක් පමණ වූ පිරිසක් එහිදි ඝාතනයට ලක්වුණා.

ත්‍රස්තවාදීන්ගෙන් රට මුදවාගත් බව කියන රජය යුද කලාපයේ සිට හමුදා පාලන ප්‍රදේශයට පැමිණි ජනතාවට වෙඩි තබා ඝාතනය කිරීමේ සියසින් දැක්කා, එයට මම සාක්‍ෂි දරනවා.

යුද කලාපයේ සිට එළියට පැමිණි ජනතාව අවතැන් කඳවුරු පහක පමණ ගාල් කළ ශ්‍රී ලංකා රජය හා එහි හමුදාව අහාර, ජලය වැනි යටිතල පහසුකම් පවා නිසිලෙස අවශ්‍ය තරම් ලබාදුන්නේ නැහැ.

එ් හේතුවෙන් බොහෝ දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වුනා. මෙලෙස ජනතාව වෙත මුදාහැරින ලද ප්‍රචණ්ඩත්වයට, අසාධාරණකම්වලට නීතිය සහ වගවීම් ද සිඳුවිය යුතුයි. ශ්‍රී ලංකාව සහ එහි පාලකයන් විසින් සිඳුකළ අමානුෂික ක්‍රියාව දෙමළ ජනතාව විසින් අමතක කිරීමට හෝ එයට සමාව දීමට ද නොහැක. යැයි කුහදාස් වැඩිදුරටත් පවසා සිටියේය.