අදත් දිවයින පුරා වැසි

දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් තවදුරටත් වැසි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් මාතලේ දිස්ත‍්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, දකුණ, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත‍්‍රික්කවලත් සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මාතලේ, පොලොන්නරුව සහ මුලතිව් දිස්ත‍්‍රික්කවලත් තද වැසි ඇති විය හැක.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top