වැල්ලවාය ප්‍රදේශයේ සිඳුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට..

වැල්ලවාය, වරුණගම යුධ හමුදා කඳවුර අසලදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මාර්ගය හරහා ගමන් කළ පුද්ගලයෙකු යතුරුපැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා බදුල්ල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති බව සඳහන්ය.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව පොලිසිය සඳහන් කළේය.

අනතුරින් යතුරුපැදිකරුද තුවාල ලබා වැල්ලවාය රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top