කොරියානු විභාගයට අයදුම්පත් නිකුත් කිරීම අදින් අවසන්

කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම අද (02) න් අවසන් වේ. අයදුම්පත් නිකුත් කිරීම පසුගිය 26දා ආරම්භ විය.

ඒ අනුව අයදුම්පත් දිවයින පුරා පිහිටි ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථාන 18 කදී පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා සිදුකෙරේ.

මෙවර විභාගය නිෂ්පාදන හා ඉදිකිරීම් යන ක්ෂේත‍්‍ර සඳහා පැවැත්වේ. මෙවර කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගය පරිගණක ආශ‍්‍රිතව පැවැත්වෙන අතර, ඉදිකිරීම් ක්ෂේත‍්‍රය සඳහා මාර්තු මස 19 සිට මැයි 4 දින දක්වාත් නිෂ්පාදන ක්ෂේත‍්‍රය සඳහා මැයි 25 සිට ඔක්තොම්බර් 5 දක්වා පැවැත්වීමට නියමිතයි.

වයස අවුරුදු 18 සිට 39 දක්වා ශ‍්‍රී ලාංකික පුද්ගලයින්ට විභාගය සඳහා අයදුම්කළ හැකිය. අයදුම්පත‍්‍ර පිරවීමට තමන්ගේ ගමන් බලපත‍්‍රය හා එහි පිටපතක්ද, සෙ.මි 3.5×4.5 ප‍්‍රමාණයේ ඡායාරූප 3ක් තිබිය යුතුවේ. අයදුම්පත‍්‍ර නොමිලේ නිකුත් කරන අතර, විභාග ගාස්තු ලෙස ඇමරිකන් ඩොලර් 24 හෙවත් ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් 3,772.00 ගෙවිය යුතුවේ. කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගය සමත්වන අයදුම්කරුවන්ගේ නම වසර දෙකක කාලයක් කොරියානු රැකියා වෙබ් අඩවියේ වලංගුව පවති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top