ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සිය 67 වන සංවත්සරය අද

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සිය 67 වන සංවත්සරය 2018 මාර්තු මස 2 වන දින (අද ) සමරනු ලබයි.

මාර්තු මස 03 වන දින සිට 05 වන දින දක්වා අම්පාර ගුවන් හමුදා කඳවුරේදි “AIR FORCE DAY”, ගුවන් හමුදා ප‍්‍රදර්ශනය සහ සැණකෙලිය පැවැත්වීමට නියමිතව ඇති අතර ගුවන් හමුදාධිපතිවරයාගේ අනුදැනුම පරිදි මෙම ප‍්‍රදර්ශනය සහ සැණකෙලිය මහජනතාවට නොමිලේ නැරඹීමට අවස්ථාව සළසා දි ඇතැයි ගුවන් හමුදාව පවසයි.

ප‍්‍රදර්ශනය හා සැණකෙලිය තුලින් ගුවන්යානා සංදර්ශන හා ගුවන් කරනම්, පැරෂුට් සංදර්ශන, රෙජිමේන්තු විශේෂ බලකාය විසින් ඉදිරිපත් කරනු ලබන ගොඩබිම් සටන් සංදර්ශන, ගුවන් සුනඛ සංදර්ශන, තූර්ය වාදන සංදර්ශන, සරඹ සංදර්ශන, සංස්කෘතික හා සංගීතමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට නියමිත වේ. මෙම සංදර්ශනය සහ සැණකෙලිය දිනපතා සවස 02.00 ට ආරම්භ කරන අතර රාති‍්‍ර 11.00 දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා 67 වන සංවත්සරයට සමගාමීව අඛණ්ඩව 19 වන වරටත් පවත්වනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය 2018 මාර්තු මස 02, 03 සහ 04 යන දිනයන්හිදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කොට ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top