SRILANKAN NEWS

වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළ ඇරඹේ

වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනේ සමාරම්භය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ පැවැත්වුණි.

දීර්ඝ කාලයක් පුරා ප‍්‍රතිසංස්කරණයට ලක් නොවූ උතුර, නැගෙනහිර, වයඹ සහ උතුරු මැද පළාතේ පැරණි වැව් 2400 ක් මේ අනුව ප‍්‍රතිසංස්කරණය කෙරෙන අතර ඒ යටතේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ වැව් 123 ක් සංවර්ධනය කිරීමට නියමිතය.

එහි පළමු වැව ලෙස මින්නේරිය, හිඟුරක්ගොඩ ප‍්‍රදේශයේ චන්දන පොකුණ වැවේ ප‍්‍රතිසංස්කරණ කටයුතු අද (02) පෙරවරුවේ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ විය.

මෙම වැව පුරාණ රජ දවසේ සිට පැවතෙන අතර වගා බිම් අක්කර දහස් ගණනකට ජලය සපයයි. අක්කර අඩි 800 ක ජල ධාරිතාවයකින් යුක්ත වැවෙන් ප‍්‍රදේශයේ ගොවි පවුල් 300 ක් පමණ ප‍්‍රතිලාභ ලබති.

ශී‍්‍ර ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් මෙහි ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම විශේෂත්වයකි.