හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට විදේශගතවීමට පනවා තිබූ තහනම මාර්තු මස 20 වනදා සිට අප්‍රේල් මස 30 වන දා දක්වා තාවකාලිකව ඉවත් කිරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.
සිල් රෙදි නඩුවට අදාළව මෙම තහනම පනවා තිබූ අතර වීරතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්රතිශෝධන පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය, එම තහනම් නියෝගය අද (02) තාවකාලිකව ඉවත් කර ඇත.
ඒ අනුව රාජකාරී සහ පෞද්ගලික හේතූන් මත තමන්ට ඕස්ට්‍රේලියාවේ සහ කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට අවශ්‍ය බවට ලලිත් වීරතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්රතිශෝධන පෙත්සම සලකා බලමින් අදාළ විදෙස් ගමන් තහනම ලබන 20 වනදා සිට අප්‍රේල් මස 30 වනදා තෙක් ඉවත් කිරීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත.
Add Comment