දියතලාව බස් පිපිරීම සම්බන්‍ධයෙන් හමුදා නිලධාරියෙකු අත්අඩංගුවට

පසුගියදා දියතලාව දී බස් රථයක පුපුරා ගිය බෝම්බ සිද්ධියට අදාළව යුද හමුදාවේ බලලත් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. යුද හමුදාවේ බලලත් නිලධාරී ජනක ලෙස්ලි කුමාර චන්ද්‍රසේන නැමැත්තා මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

පසුගිය මස 21 වනදා දියතලාව බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක සිදු වූ පිපිරිමකින් හමුදා සාමාජිකයින් 12 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලැබීය.

සැකකරු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top