පිහියෙන් ඇන තුවාල සිඳු කිරීමට විරෝධය පළ කරමින් කිලිනෝච්චියේ වෙළඳුන් විරෝධතාවයක..

කිලිනොච්චිය එලවළු වෙළෙඳ සැලකදී එක් වෙළෙන්දෙකු තවත් වෙළෙන්දෙකුට පිහියෙන් ඇන තුවාල සිදු කිරීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් අද (5) දින පෙරවරුවේ සිට කිලිනොච්චිය පොදු වෙළඳසැල් ව්‍යාපාරිකයන් විරෝධතාවයක නිරතවූහ.

කිලිනොච්චිය පොදු වෙළඳපොලේ ප්‍රධාන ගේට්ටුව වසා දමමින් ව්‍යාපාරිකයන් විරෝධතාවයෙහි නිරතවීමෙන් වෙළඳසැලට එලවළු ඇතුළු භාණ්ඩ රැගෙන එන ලද වාහනවලට ද ඇතුල්වීමට නොහැකිවිය. අනතුරුව එම ස්ථානයට පැමිණි කරයිච්චි ප්‍රාදේශිය ලේකම් කේ. කම්සනාදන් පොදු වෙළඳසැලේ ගේට්ටුව විවෘත කළ අතර, අදාළ සිද්ධිය සම්බන්‍ධයෙන් පියවර ගන්නා බවද විරෝධතාකරුවන් වෙත පොරොන්දුවිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top