දිගන ප‍්‍රදේශයේ සිද්ධිය ගැන අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනපතිගෙන් උපදෙස්

මහනුවර දිගන ප‍්‍රදේශයේ අද (5) දින සිදුවූ බව සඳහන් සිදුවීම පිළිබඳ අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණයක් ආරම්භකරන ලෙස ජනාධිපතිතුමා පොලීසියට සහ ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබේ.

එමෙන්ම ජනාධිපතිතුමා පොලීසියට සහ යුධ හමුදාව වෙත උපදෙස් දී තිබෙන්නේ ප‍්‍රදේශයේ සියලූ දෙනාගේ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන ලෙසයි.

ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් වැළැක්වීම සඳහා ද සියලූ පාර්ශ්වයන් සමග වගකීමෙන් කටයුතු කරන ලෙස ආරක්ෂක අංශ වෙත වැඩිදුරටත් උපදෙස් දුන් ජනාධිපතිතුමා ප‍්‍රදේශයේ සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් ගතයුතු සියලූ පියවර ගන්නා ලෙස ද උපදෙස් දී තිබේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top