කන්ටේනර් රථ රියදුරන් සහ සහයකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය තවදුරටත්

කොළඹ වරායේ සිට භාණ්ඩ ප්‍රවාහනය කරන කන්ටේනර් රථ රියදුරන් සහ සහයකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කර තිබේ.

ඊයේ (05) පස්වරුවේ බලධාරීන් සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් වර්ජනය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බහලුම් සේවක සංගමයේ ලේකම් බී.අයි.ආබ්දීන් මහතා සඳහන් කළේය.

සිය ගැටළුවට කඩිනම් විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් ඉදිරියේ අඛණ්ඩව වැඩ වර්ජනය සිදුකරන බව බි.අයි.ආබ්දීන් මහතා සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top