SRILANKAN NEWS

වගවීමේ කටයුත්ත ගැන ජගත් සංවිධානය ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි..

වගවීමේ කටයුත්ත සම්බන්‍ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට අනතුරු අඟවා තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සයිද් අල් හුසෛන් මහතා විසින් මෙම අනතුරු අඟවීම නිකුත් කර තිබේ.

සන්ක්‍රාන්තික යුක්ති ක්‍රමවේදය සහ වගවීම පිළිබඳව ශ්‍රී ලංකාවෙහි කිිසිඳු ප්‍රගතියක් සටහන්වී නොමැති තත්වයක, ජාත්‍යන්තර යුක්ති ක්‍රමවේදයක් මඟින් යුක්තිය ලබාදීම ගැන අවධානය යොමු කිරීමට සිඳුවනු ඇති බව හෙතෙම පවසා තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ 37වන සැසිවාරයේදී වාචික වාර්තාව ඉදිරිපත් කරමින් සයිද් අල් හුසෛන් මහතා මේ බව පවසා ඇති අතර මෑතකදී ශ්‍රී ලංකාව තුල සිඳුවූ සිද්ධීන් ගැන වැඩි අවධානයක් යොමු කර ඇති බවද පවසා තිබේ.

අපරාධ ක්‍රියාවලට දඞුවම් නොදීමේ තත්වය තවඳුරටත් තිබීම අනුමත කළ නොහැකි බවත්, ජාති, ආගම් සුළු ජාතිකයන්ව ඉලක්ක කර සිඳුකරන ප්‍රචණ්ඩ ක්‍රියාවන් ඉහළ ගොස් ඇති අතර, සන්ක්‍රාන්තික යුක්ති ක්‍රිමවේදය ක්‍රියාත්මක කිරීමට රජය තවඳුරටත් ප්‍රමාද නොකළ යුතු යැයි අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකාව තුල අර්ථවක් ප්‍රගතියක් ඇතිවී නොවීම ගැන කණගාටුව පළ කර ඇති මානව හිමිකම් කොමසාරිස්වරයා පීඩාවට පත්වූවන්ගේ යහපත කෙරෙහි අවධානය යොමු කර අපරාධ ක්‍රියාවලට වගවීම සහ සන්ක්‍රාන්තික යුක්ති ක්‍රිමවේදය ක්‍රියාත්මක කිරීමට අත්‍යවශ්‍ය බව හෙතෙම පෙන්වාදී තිබේ.

නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීමේ තත්වය දිගටම පවතින්නේ නම් සාමාජික රටවල් ජාත්‍යන්තර යුක්ති විභාග ක්‍රිමවේදයක් තුලින් විසඳුමක් ලබාදීමේ කටයුත්තක් ගැන සොයා බලන ලෙස බල කිරීමට සිඳුවනු ඇති බවත් මේ සම්බන්‍ධයෙන් ලබන 21වනදා සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.