මහනුවර ප්‍රචණ්ඩත්වය මෙහෙයවූ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට

මහනුවර ප්‍රදේශයේ ඇති වූ ගැටුම්කාරී ප්‍රචණ්ඩත්වය සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිදුවීම් සියල්ල මෙහෙයවූ ප්‍රධාන සැකකරු වන අමිත් ජීවන් වීරසිංහ නමැත්තා සහ ඔහුගේ ප්‍රධාන සහයකයා ලෙස කටයුතු කළ සුරේද සුරවීර නමැත්තා ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසා තිබේ.

මේ අතර පසුගිය 4 වන දා සිට අද දින උදෑසන 6.00 දක්වා කාලය තුළ ගැටුම්වලට සම්බන්ධ පුද්ලයින් 71 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top