මුල්ලතිව් ප්‍රදේශයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් පවත්වාගෙන යන සත්‍යග්‍රහයට වසරක් සම්පූර්ණ වෙයි..

මුල්ලතිව් දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් පවත්වාගෙන යන සත්‍යග්‍රහයට අදට වසරක් සම්පූර්ණ වී තිබේ. පසුගිය 2017 මාර්තු 08 වනදා මුල්ලතිව් දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය ඉදිරිපිට ඔවුන් සිය සත්‍යග්‍රහය ආරම්භ කර තිබුණි.

පසුගිය කාලයේ දී සුදු වෑන්වලින් පැහැරගෙන ගිය සහ යුද්දය අවසන් වූ පසු හමුදාව වෙත භාරවීමෙන් පසු අතුරුදන්වූ තම ඥාතීන්ව නිදහස් කරන්නැයි ඉල්ලා මෙම සත්‍යග්‍රහය පවත්වාගෙන යන අතර, තම ඥාතීන්ට සිඳුවුයේ කුමක්ද? නැතිනම් ඔවුන් සිටින්නේ කොහෙද? යන ප්‍රශ්ණවලට පිළිතුරක් ලැබෙන තෙක් තම සත්‍යග්‍රහය පවත්වාගෙන යන බවට අතුරුදන්වූවන්ගේ ඥාතීන් පවසා තිබේ.

තම සත්‍යග්‍රහයට විසඳුමක් ජාත්‍යන්තරය මැදිහත්වී ලබාදිය යුතු බවත්, මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී තමන්ට ස්ථීර විසඳුමක් ලබාදිය යුතු යැයි ඉල්ලා ජිනීවා නුවරට සන්දේශයක් ද යැවීමට නියමිතය.

මෙවැනි තත්වයකදී, එම ජනතාව විසින් අද (8) දින උද්ඝෝෂණයක් ද පවත්වා ඇති අතර, එයට ආගමික නායකයන්, සිවිල් සමාජ නියෝජිතයන්, පොදු සංවිධාන, උතුර නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක අටක අතුරදන්වූවන්ගේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top