මහනුවර සිද්ධිය ගැන ජනපතිගෙන් විමර්ශන කමිටුවක්

පසුගිය දින කිහිපයේ මහනුවර දිස්ත‍්‍රික්කයේ ඇතැම් ප‍්‍රදේශවල ඇතිවූ කළහකාරී සිදුවීම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජනාධිපති විමර්ශන කමිටුවක් පත්කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා තීරණය කර තිබේ.

ඒ අනුව විශ‍්‍රාමික අධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ඉදිරියේදී නම් කිරීමට නියමිතය.

මෙම කළහකාරී සිදුවීමට මුල් වූ කරුණු අතර නීතිය හා විධානය කඩවී ඇත් ද යන්න, පුද්ගලයින්ට සිදුවූ ජීවිත හා දේපළ හානි පූර්ණය කිරීම, මෙම සිදුවීම් පිටුපස කුමන්ත‍්‍රණකාරී හස්තයන් ක‍්‍රියාත්මක වූයේ ද යන්න, අනාගතයේ දී මෙවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීම සඳහා ගත යුතු පියවර සහ මෙම තත්ත්වය මැඩපැවැත්වීමට අදාළ බලධාරීන් ක‍්‍රියාත්මක වූ ආකාරය හා ඔවුන්ගේ වගවීම ආදී කරුණු පිළිබඳවත් මෙම කමිටුව මගින් විමර්ශන කටයුතු සිදුකෙරෙණු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top