SRILANKAN NEWS

යුද්ධ හමුදාධිපති සහ නුවර ව්‍යාපාරික ප්‍රජාව අතර හමුවක්

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, දෙවන දිනටත් එනම් සිකුරාදා (09) දින කලහකාරි සිදුවීම් ඇතිවූ මහනුවර ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු අධික්ෂණය කිරීමේ සංචාරයක නිරත විය.

යුද්ධ හමුදාධිපති ප්‍රධානත්වයෙන් මහනුවර සිංහල ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සාකච්ඡාවක් එම කාර්යාල පරිශ්‍රයේ දී පැවත්වූ අතර එහිදි ප්‍රචණ්ඩකාරි බලපෑම්වලට ලක්වූ ව්‍යාපාරික ප්‍රජාවගේ අලාභහානි හා මුහුණදී ඇති ගැටළු පිළිබඳ කරුණු විමසනු ලැබීය.

අනතුරුව, දමිළ සහ මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාවන් ඒකාබද්ධව තවත් සාකච්ඡාවක් පවත්වා ඔවුන්ගේ ද ගැටළු පිළිබඳ වාර්තාවක් ලබාගන්නා ලදී.

දිගන, අකුරණ, ගලහ, කටුගස්තොට, මැණික්හින්න, අඹතැන්න, පූජාපිටිය සහ අනෙකුත් ප්‍රදේශයන්හි සිංහල, දමිළ සහ මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාව සහ ප්‍රචණ්ඩකාරි බලපෑම්වලට ලක් වූ ජනතාව පිළිබඳ හමුදාපතිවරයාගේ අවධානය යොමු කෙරිණි.

යුද්ධ හමුදාධිපතිවරයා ජනතවගේ ගැටළුවලට පිළිතුරු දෙමින් පවසා සිටියේ ‘වසර ගණනාවක අමිහිරි යුදමය වතාවරණයකින් පසු ජනවාර්ගික සංහිඳියාව ගොඩනගමින් පවතින අවධියක මෙවැනි වූ කුමන්ත්‍රණකාරි චිත්තවේගි ආකල්පයන් සහිත පුද්ගලයින්ගේ කටකතා, කඩාකප්පල්කාරි ක්‍රියාවන් හේතුවෙන් මෙය බිඳවැටීමට තුඩදුන් බවත් සියළුම ව්‍යාපාරික ප්‍රජාවෙන් එවැනි කටකතා පැතිරීම වලක්වාගැනීමට එක්ව ඒකාබද්ධ බලවේගයක් ලෙසින් ක්‍රියාකරන ලෙස ආයාචනා කළ අතර බුද්ධිමත්ව හා පුළුල් පරාසයකින් සිවිල් ප්‍රජාවගේ ආරක්ෂාව සඳහා ක්‍රමෝපායන් සකස් කිරීමට යුද්ධ හමුදාව කටයුතු කරන බවත්ය’.