යාපනයේදී නෙල්සන් මැන්ඩෙලාගේ ප්‍රතිමාවක් ඉදි කිරීමට තීරණය කරයි.

දකුණු අපි‍්‍රකානු හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ පිළිරුවක් යාපනය නගරයේ ඉදිකිරීමට තීරණය කර තිබේ.

දකුණු අපි‍්‍රකානු මහකොමසාරිස් රොබීනා පී. මාක්ස් මහත්මිය සහ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා අතර උතුරු පළාත් ආණ්ඩුකාර කාර්‍යාලයේදී ඊයේ (8) වනදා පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

දෙරට අතර සිදු කෙරෙන සංවර්ධන වැඩසටහන් සහ ආගමික සහජීවන වැඩසටහන් පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ජා කළ අතර, නෙල්සන් මැන්ඩෙලා මහතා යනු සාමයේ සංකේතයක් වන බවත් එය සමස්ථ ලෝකවාසින්ගේ මතය බවත් සියලූ දෙනාම එතුමන්ගේ චරිතය පිළිගන්නා බවත් මාක්ස් මහත්මිය එහිදී ප‍වසා තිබේ.

ශ්‍රී ලංකාවේ වෙසෙන සෑම ජනවර්ගයක්ම නියෝජනය වන පරිදි දූත කණ්ඩායමක් තම රටට පැමිණ ඔවුන්ගේ ජීවන රටාව නිරීක්‍ෂණය කර එහි ඇති සාමයේ පණිවුඩය ශ්‍රී ලංකාවට රැගෙන එන ලෙසටද ඇය වැඩිදුරටත් ඇය ඉල්ලා සිටියාය.

සාකච්ජාවට දකුණු අප‍්‍රිකානු රාජ්‍ය නියෝජිතයින් හා උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාල නිලධාරීන්ද එක්වූහ.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top