ARTICLES SRILANKAN NEWS

එදා අහිංසක දෙමළ ජනතාවට සිඳුවූ දේ අද මුස්ලිම් ජනතාවට සිඳුවෙනවා…

මෙම සතියේ ප්‍රශ්ණය දැනට දකුණේ සියළු දෙනාගේ අවධානය යොමුවී ඇති සිද්ධීන් ගැනය.

ප්‍රශ්ණය – නැගෙනහිර හා මධ්‍යම පළාතේ සිඳුවෙන ප්‍රචණ්ඩත්වය ගැන ඔබේ අදහස කුමක් ද?

පිළිතුර – මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවන් ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. බහුජාතිකයන් සුළු ජාතිකයන්ට එරෙහිව මුදාහැරින ප්‍රචණ්ඩත්වය මෙයවීම හැර මම වෙනත් කෝණයකින්ද බලනවා. අපරාධකරුවන්ව නැතිනම් අපරාධයක් සිඳුකළ බවට සැකසහිත පුද්ගලයන්ව සමාජය නීතිය තුලින් දැකිය යුතුවේ. එය හැර ජාති, සමාජ, ආගම්, භාෂා භේදයකින් නොබැලිය යුතුයි. තරුණයන් දෙදෙනෙකු විසින් තවත් තරුණයෙකුව ඝාතනය කර ඇති බව දිගන ප්‍රදේශයෙන් අපි දැනගත් පුවත වේ. වහාම පොලීසිය එයට ක්‍රියාමාර්ගයක් යුතුව තිබුණි. නමුත් සිඳුවුයේ කුමක් ද? ඝාතනය කළ පුද්ගලයන් මුස්ලිම් බවත්, ඝාතනයට ලක්වූ පුද්ගලයා සිංහල බවටත් ප්‍රචාරය වීමෙන් තරුණයන් අතර ඇතිවූ ගැටුමක් ජාතීන් අතර සිඳුවූ ගැටුමක් ලෙස පෙන්වා දෙමින් ජාතීන් අතරවූ කෝලාහලයක් බවට පත්වුණි. මෙවැනි ප්‍රචණ්ඩත්වයක් සිඳුවන්නේ නැද්දැයි මඟ බලාගෙන සිටි පිරිසට මෙය හොඳ අවස්ථාවක්වුනා. අපරාධකරුවන් ඔවුන්ගේ ජාතිකයෙක්, අපේ කෙනෙක්, ලෙස සිතා කටයුතු කිරීමේදී එය ජාති භේදයක්, ගැටුමක්, රෛයක් ඇති කරනවා.

අවසන් වූ උතුර නැගෙනහිර යුද්දයේ දී යුද අපරාධකරුවන් අපේ අය යැයි ඉහළ දේශපාලකයන් හඳුන්වාදීමෙන් තමයි අද තත්වය ජාත්‍යන්තර මට්ටමට ගොස් තිබෙන්නේ.

හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව තමන් අතර අපරාධ සිඳුකළ අයව තමන්ව හඳුනාගෙන ඔවුන්ව හමුදාවෙන් ඉවත්කර එදාම දඞුවම් ලබාදී තිබිය යුතුයි. එලෙස සිඳු නොකිරීමට හේතුව දේශපාලන අතගැසීමය.

සිඳුවන්නේ කුමක් ද? නීතිය හා සාමය සහ රටේ සහජීවනය ස්ථාපිත කළ යුතු නැතිනම් ඇති කළ යුතු ගරු ජනාධිපතිවරයාම අපරාධ කළ පුද්ගලයන්ව තම ජාතිය සමඟ සලකුණු කර කිසිවිටක ඔවුන්ට දඞුවම් ලැබීමට ඉඩ තබන්නේ නැති බව ප්‍රසිද්ධවම පවසා තිබෙනවා, මේ හේතුවෙන් අපරාධ කළ පුද්ගලයන් සිතන්නේ කුමක් ද? මම මොන වරද කළත් මට ජනාධිපති, රජය, දේශපාලකයන් සහාය දෙනු ඇත. එමෙන් මට දිගටම මානව හිමිකම් උල්ලංඝණ ක්‍රියාවල නිරතවන්න පුළුවන් යැයි සිතනවා.

පොලීසිය සිතන්නේ මොනවාද? අපි දේශපාලකයන් සිතන පරිදි නැතිනම් ඔවුන් ඉල්ලා සිටින පරිදි කටයුතු කළේ නම් අපගේ රැකියා ජීවිතයේදී සහ පුද්ගලික ජීවිතයේදී වරප්‍රසාද ලබා ගන්න පුළුවන්. නීතියට අනුව කටයුතු කළා නම් අපිව දේශපාලකයන් කලෑබද ප්‍රදේශයකට ස්ථාන මාරුවක් ලබාදී යවනු ඇතැයි සිතනවා.

එමෙන් දේශපාලකයෙකුගේ එක් දුරකථන ඇමතුමක් ඇති පොලීසියට තම රාජකාරිය නීතියෙන් තොරව සිඳු කරන්නට. දේශපාලනික වශයෙන් ඇතමුන් අවස්ථාවන් පැමිණෙන තෙක් බලාපොරොත්තුවෙන් සිටි බවත්, ඉදිරියටත් බලාපොරොත්තුවෙන් සිටින බවද අපි වටහා ගත යුතුයි. 1983දී උතුරු පළාතේ යුද්දයට සම්බන්‍ධ සෙල්ලකිලි සම්බන්‍ධයෙන් සිද්ධියක් සිඳුවන විට එවැනි සිද්ධීන් බලාපොරොත්තුවෙන් සිටි දකුණේ කණ්ඩායමක් වහාම කොළඹ බොරැල්ල ප්‍රදේශයේ දී ක්‍රියාත්මකවීමට පටන් ගත්තා.

බොරැල්ලදී ද දේශපාලනය කතා කළා. දේශපාලකයන් දැනුවත්ව නොදන්නේ සේ සිටින විට පොලීසිය ඉදිරියේ දීම ප්‍රචණ්ඩ ක්‍රියාවන් සිඳුවුණි. නිවාස ගණනාවක් කොල්ලකෑවෝය. වෙළඳසැල් ගිනි තබා විනාශ කෙරුණි. දෙමළ ජනතාව ඝාතනයට ලක්වුණි. තවත් බොහෝ මැරකම් බොරැල්ල සිට බස්නාහිර පළාත පුරාම සිඳුවුණි. එයින් එපිට ද ව්‍යාප්තවුණි. බොරැල්ලදී මෙවැනි සිද්ධියක් සිඳුවූ විගසම පොලීසිය නිසි ක්‍රියාමාර්ගයක් ගෙන තිබිය යුතුයි. එසේ කළේ නැහැ, එයට හේතුව දේශපාලන මැදිහත්වීම්.

එදා අහිංසක දෙමළ ජනතාවට සිඳුවූ දේ අද මුස්ලිම් ජනතාවට සිඳුවෙනවා. මෙයට දේශපාලන මැදිහත්වීම ගැන මම චෝදනා කරනවා. එදා දෙමළ ජනතාව රාජ්‍ය සේවයට විශාල ප්‍රමාණයක් එක්වීමෙන් ‘සිංහල පමණක්‘ නීතිය ගෙනවා. එයට විරෝධය පළ කිරීමෙන් 1958දි කෝලාහලයක් ඇතිවුණි. දෙමළ ජනතාව තම නොහැකියාව හේතුවෙන් 1976දී වට්ටුකෝට්ටේ ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් එයට ප්‍රතිචාරයක් ලෙස සැලසුම් සහගතව 1983දී මැරයන් විසින් කෝලාහලයක් ඇති කළා. එහි පසුපස දේශපාලකයන් සිටියා. 1981දී යාපනය පුස්තකාලයට ගිනි තැබීමේ සිද්ධියට පසුපසද දේශපාලකයන් සිටියා. එක් දේශපාලකයෙකු බීමතින් යාපනය රාජ්‍ය නේවාසිකාගාරයේදී සිට ‘කොන්ද පණ ඇති එක් සිංහලයෙකු හෝ මෙහි නැද්ද? යැයි සිංහල භාෂාවෙන් අසා තිබේ. වහාම හමුදා සෙබළුන් කිහිප දෙනෙකු ගොස් යාපනය පුස්තකාලයට ගිනි තබා තිබේ. මට මේ ගැන පහුවදා පෙරවරුවේ සාවකච්චේරිය පොලීසිය (සිංහල පොලිස් අධ්‍යක්‍ෂකවරයා) පවසා සිටියා. මම එවිට සාකච්චේරිය දිස්ත්‍රික්ක විනිසුරුවරයා ලෙස කටයුතු කළා.

අද මුස්ලිම්වරුන්ට එරෙහිව මෙලෙස මැරයන් කුපිතවිමට හේතුව කාරණා දෙකක් යැයි මම සිතනවා. එක, මුස්ලිම් සහෝදරයන් ව්‍යාපාරික කටයුතුවල හොඳ ස්ථාවරයක සිටිනවා. එය තවඳුරටත් සිඳු නොකිරීමට. එදා දෙමළ ජනතාව රාජ්‍ය සේවයෙහි විශාල පිරිසක් සිටිනවා එලෙස නොතිබිය යුතු යැයි සිතුවා. අද මුස්ලිම් ජනතාව ව්‍යාපාරික කටයුතුවල නිරතවීම ඉවසා ගැනීමට නොහැකි ඊර්සියාව හේතුවෙන් මුස්ලිම් ජනතාවගේ ව්‍යාපාරික වෙළඳසැල්වලට ගිනි තබා තිබෙනවා. අනික් කාරණාව ජනසංඛ්‍යා වර්ධන අනුපාතයයි. මුස්ලිම් ජන සංඝංඛයාව ඉහළ යන බවත් ඒ හේතුවෙන් ඉදිරි කාලයේදී මුස්ලිම් ජනතාව බහුතරයක් වනු ඇති බවට ප්‍රචාරයක් සිඳු කරති. දැනට ආර්ථික වශයෙන් මුස්ලිම් ජනතාව බාධාවට පත්වී තිබෙනවා. ජීවිත හානි සිඳුවී නැහැ. නමුත් ඉදිරි කාලයේදී මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවන් තවඳුරටත් සිඳුවිය හැකි තත්වයක් පවතින හෙයින් ඉදිරි කාලයේදී ජීවිත හානිද වැඩි වශයෙන් බලාපොරොත්තුවිය හැක.

මෙවැනි ක්‍රියාවන් ජාතිවාදී ගැටුමක් ලෙස වෙනස් නොවීමට පොලීසිය නිසි පුහුණුවක් ලබාගෙන තිබිය යුතුයි. තවද පොලීසිය දේශපාලකයන්ගේ පාලනයට යටත් නොවී සිටිය යුතුයි. නිදහස්ව පුහුණුව ලැබූ අපක්‍ෂපාතී හොඳ ගුණ යහපත් පොලිසයක් අපි ඇති කළ යුතුයි. සංස්ථාවක ප්‍රමිතියෙන් පොලීසිය ක්‍රියා කළ යුතු යැයි අපිට යෝජනා කිරීමට නොහැකි දැයි සොයා බැලිය යුතුයි. රජයට සිය ප්‍රතිපත්තිය පොලිස්පතිවරයාට දැනුම් දිය හැක. එය ක්‍රියාත්මක කිරීම ඔහු හා උප පොලිස්පතිවරුන් සතුව තිබිය යුතුයි. මැතිවරණ කොමසාරිස්වරයා මෙන් පොලිස්පතිවරයාටද නිදහසේ කටයුතු කිරීමට ඉඩකඩ ලබාදිය යුතුයි.

යාපනය අධිකරණ බල ප්‍රදේශය තුල 80 දශකයේදී ඝාතනයක් සිදුවුනා. ගම්මානයක් තුල සිඳුවූ කුල ගැටුමකදී තම මිතුරාව බේරා ගැනීමට ඉදිරිපත්වූ අදාල කුල දෙකටම අයත් නොවන පුද්ගලයෙකු ආත්ම ආරක්‍ෂාවට ඔවුන් අතර කෙනෙකුව ඝාතනය කර තිබුනා. ඇසින් දුටු සාක්‍ෂි තිබුණා. ඝාතනයට කිරීමට යොදාගත් පිහිය ද පොලීසිය සොයාගෙන තිබුණා. සැකකරුව අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව පොලීසියේ ඉල්ලීම මත සැකකරුව රක්‍ෂිත බන්‍ධනාගාර ගත කෙරුණා. විනිසුරුවරයාට තම ඉදිරියේ සිටි සැකකරු තම සමීපතම නෑදෑයෙකු බව හඳුනාගෙන තිබුණා. රක්‍ෂිත බන්‍ධනාගාර ගත කිරීමෙන් පසු දේශපාලකයන්, ඥාතීන්, නීතීඥයන් සහ මිතුරන් යැයි බොහෝ දෙනෙකු සැකකරුට ඇප ලබා දෙන ලෙස ඉල්ලා තිබුණා. නමුත් එය කිසිවකට විනිසුරුවරයා ඇහුම්කන් දුන්නේ නැහැ. මාස හයකට පසු රජයේ පරීක්‍ෂණ වාර්තාව ලැබුණු පසු රිමාන්ඩ් භාරයේ සිටි ඔහුට ඇප ලබාදීමට විනිසුරුවරයා අවසර ලබාදුන්නා. ඇප ලබා නිදහස් වූ ඔහු සතියක් තුල ඝාතනයට ලක්වුනා. ඇත්තෙන්ම එතෙක් එම සැකකරුට ජීවත්වීමට උදව් කළේ එම විනිසුරුවරයා යැයි කියන්නට පුළුවන්.

දේශපාලකයන්ගේ නැතිනම් ඥාතීන්ගේ ඉල්ලීමට අනුව පෙරාතුවම ඇප ලබාදී තිබුණේ නම් සැකකරු එදාම ඝාතනයට ලක්වීමට ඉඩ තිබුණා යැයි සඳහන් කරන්නට ද පුළුවණි. නමුත් කුල භේද ගැටුමක්, ප්‍රචණ්ඩත්වයක් නොසිඳුවන ආකාරයෙන් විනිසුරුවරයා එදා වග බලාගත්තා. ප්‍රචණ්ඩ ක්‍රියාවන් ඇතිවීමට දේශපාලනය හා දේශපාලකයන් තමයි මූලික හේතුව බව මගේ මතයයි. ඉදිරි කාලයේදී දෙමළ ජනතාවට සිඳුවූ ආකාරයෙන් නැවැත නැවැත මුස්ලිම් ජනතාවට එරෙහිව මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවන් සිඳුවිය හැකිය. දෙමළ ජනතාව මෙන් මුස්ලිම් ජනතාව ද සිංහල ප්‍රදේශවලින් පලවා හැරිනු ලැබේ.

මේ හේතුව නිසා තමයි රට පුරාම ෆෙඩරැල් පාලන ක්‍රිමයක් පළාත් නවයටම ලබාදිය යුතු බව ඉල්ලා සිටින්නේ. එවිට දෙමළ කතා කරන ජනතාව බහුතරයක් සිටින ප්‍රදේශවල බහුජාතිකයන්ගේ හිංසාවන් සිඳුවන්නේ නැහැ. නමුත් දෙමළ හෝ මුස්ලිම් හෝ කඳුරට දෙමළ ජනතාව හෝ තම අතර ජීවත්වන සිංහල ජනතාවට කිසිඳු බාධාවක් සිඳු නොවන අයුරින් වග බලා ගත යුතුයි

කේ.වී. විග්නේෂ්වරන්
මහ ඇමැති
උතුරු පළාත

ග්ලෝබල් ටැමිල් නිව්ස් – සිංහල
පරිවර්ථනය – රීසාහ්