ගොඩගම ප්‍රදේශයේ සිඳුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට

හෝමාගම, ගොඩගම ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් අයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ලොරි රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මහුණ ගැටීමෙන් සිඳුවූ මෙම අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබූ අතර ඔවුන් හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී එක් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්වූ බව වාර්තාවේ. මීගොඩ හෙට්ටියාවත්ත ප්‍රෙද්ශයේ පදිංචි තරුණයෙකු මෙලෙස මිය ගොස් තිබේ. මීපේ පොලීසිය විසින් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top