ජාතිවාදය ඇවිස්සීමට ක්‍රියාකළ ෆේස්බුක් ගිණුම් 186ක් ගැන විමර්ශන

සමාජ මාධ්‍ය ජාල භාවිත කර අසත්‍ය ප්‍රචාරය කරමින් ජාතිවාදය ඇවිස්‌සීමට ක්‍රියාකළ ෆේස්‌ බුක්‌ ගිණුම් 186 ක්‌ සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

පසුගිය දිනවල රටතුළ නිර්මාණය වූ කලහාකාරී තත්ත්වයට සෘජුව සම්බන්ධ සැකකරුවන් රැසක් සමාජ ජාල මාධ්‍ය භාවිත කර අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර ඇති බවත්, එවැනි ක්‍රියාවලට සම්බන්ධ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලීසිය විශේෂ මෙහෙයුම් ද ආරම්භ කර ඇති බව සයිබර් අපරාධ පිළිබඳ ඒකකය සඳහන් කරයි.

මේ අතර, ජාතීන් අතර ගැටුම් ඇති කිරීමේ අරමුණින් සමාජ ජාල භාවිතා කළැයි චෝදනා මත පාසල් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top