ගිනි අවි සහ අත් බෝම්බ සමග සැකකරුවන් 5ක් අත්අඩංගුවට

ගිනි අවි දෙකක් සහ අත් බෝම්බයක් සමග සැකකරුවන් පස් දෙනෙකු වැලිගම සහ මහනුවර ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට ලැබුණු තොරතුරකට අනුව සිදු කෙරුණු වැටලීමකට අනුව වැලිගම, මිදිගම ප්‍රදේශයේ දී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබී ටී පනස් හය ගිනි අවියක්, අත් බෝම්බයක්, තිබී ව්‍යාජ හැඳුනුම්පත් තුනක්, හෙරොයින් ග්‍රෑම් 14ක් සහ ටී පනස් හය ජීව උණ්ඩ 10ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසය විසින් සිඳුකළ වැටලීමකින් මහනුවර හන්තාන කන්ද ප්‍රදේශයේ දී ද ගිනි අවියක් සමග සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අවුරුදු 28 32 සහ 33 යන වයස්වල පසුවන සැකකරුවන් ගම්පහ සහ නිට්ටඹුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව හෙළිවී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top