යුද්දය අවසන් වූ පසු ස්වෝත්තමවාදී බලවේග තම අලුත් සතුරන් ලෙස මුස්ලිම්වරුන්ව ඉලක්ක කර, මුස්ලිම් ජනතාවගේ පැවැත්ම හා ආර්ථිකයට බාධා කිරීමේ අයුරින් සැලසුම් සහගතව ප්රචණ්ඩත්වයක් ක්‍රියාත්මක කරමින් සිටින බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක අමාත්‍ය රවූෆ් හකීම් මහතා පවසා තිබේ.
දිවයිනට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් ජෙෆ්රි බෙල්ට්මන් මහතා ඇතුළු කණ්ඩායම හමුවූ අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව පෙන්වාදී තිබේ.
ඊයේ (11) දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයදී ශ්‍රී ලංකා මුස්ලිම් දේශපාලන නායකයන් පිරිසක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් ජෙෆ්රි බෙල්ට්මන් මහතා ඇතුළු කණ්ඩායම හමුවී සාකච්ඡා කළේය.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන ඒ.එච්.එම්. ෆවුසි, කබීර් හාසීම්, රිෂාද් බදියුදීන්, ෆයිසර් මුස්තෆා, පාර්ලිමෙන්තු මන්ත්‍රී මුජීබුර් රහ්මාන් ඇතුළු පිරිසක් සහභාගිවූහ. සුළු ජාතික මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සිඳුවන ප්රචණ්ඩත්වය ගැන එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
එහිදී අදහස් ප්‍රකාශ කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් ජෙෆ්රි බෙල්ට්මන් මහතා, රටේ ජාතීන් අතර සහජීවනය ඇති කිරීමේදී මෙවැනි ප්රචණ්ඩ ක්‍රියාවන් බාධාවක් විය හැකි බවත්, මෙහිදී පෙන්වාදුන් කරුණු කාරණා ගැන නිසි අවධානයක් යොමු කරන බවද පවසා තිබේ.
Add Comment