සෝභිත නාහිමි වර්ෂ පූර්ණ සමරුව 8දා

 මාදුළුවාවේ සෝභිත හිමිමාදුළුවාවේ සෝභිත හිමි අපවත් වී වසරක් සපිරීම නිමිත්තෙන් වූ සමරු උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 8දා පස්වරු 3.00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.

උන්වහන්සේගේ පොදුජන සේවය ගමට ගෙන යාමට ආයතනයක් ඉදිකිරීම සඳහා වෛද්‍ය රාජා වි‍ජේතුංග මහතා විසින් මෙහිදී ඉඩමක් පිරිනැමීමට ද නියමිතය.

අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය මහත්වරුන් සහ හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, මැති ඇමැතිවරුන්, සිවිල් සංවිධාන නායකයන් කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ දායක සභාව ඇතුළු පවුලේ ඥාතින් මේ අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top