රට තුළ ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට මෙහෙයුම් කළ මහසෝන් බලකා කාර්‍යාලය වටලයි

රට තුල ප්‍රචණ්ඩත්වයක් ඇති කර අස්ථාවර කිරීමට මෙහෙයුම් දියත් කළ මහනුවර නත්තරංපොත කුණ්ඩසාලේ පිහිටි මහසොන් බළකායේ කාර්‍යාලය ඊයේ (13) දින ආරක්‍ෂක අංශ විසින් වටලා තිබේ.

එහි තිබී ජාතින් අතර අසමගිය, වෛරය ,ප‍්‍රචන්ඩත්වය ඇති කිරීම සඳහා බෙදාහැරීමට සුදානමින් තිබු අත්පති‍්‍රකා පෝස්ටර්, බැනර්, මහසොන් බළකාය වශයෙන් ලංඡනය සඳහන් මයික්‍රෝෆෝනයක්, බැංකු පොත් රැසක්, මුදල් ලැබුණු රිසිට්පත්, වාහන බලපත‍්‍ර, ජාතීන් අතර අසමගිය, වෛරය ඇති වන ආකාරයේ වැකි සඳහන් අත්පළඳනා, පරිගනක ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය (සී.පී.යු) ඇතුලූ භාණ්ඩ රැසක් හා පෙට්ට‍්‍රල් බෝම්බ හතක් ද සොයාගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මේ අතර, සමාජ ජාල භාවිතයෙන් නොයෙකුත් වෛරී සහගත ප්‍රකාශ නිකුත් කර ප්‍රචණ්ඩත්වය දියත් කළ සැකකරුවන් 10 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් සතුව ඇති ජංගම දුරකතන වලට මෙම කාලය තුළ ලැබුණු ඇමතුම් හා තබාගත් ඇමැතුම් සම්බන්ධයෙන් ඇමතුම් ජාලය පිළිබඳ විශේෂ දැනුමක් ඇති නිලධාරීන් යොදවා පරීක්ෂා කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top