SRILANKAN NEWS

ආණමඩුව මුස්ලිම් හෝටලයට ගිනි තැබූවන් රක්‍ෂිත බන්‍ධනාගාරයට

ආණමඩුව නගරයේ පිහිටි මදීනා හෝටලයට පෙට්‍රල් බෝම්බ තබා ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 07 දෙනාම මෙම මස 19 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ආණමඩුව වැඩබලන මහේස්ත්‍රාත් සුනිල් ජයවර්ධන මහතා ඊයේ (13) නියෝග කර තිබේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ ආණමඩුව සහ ඒ අවට පදිංචිව සිටි වයස අවුරුදු 18ත් 22ත් අතර පසුවන තරුණයින් 07 දෙනෙකි.

පසුගිය 11 වැනි දා අලුයම 3.00ට පමණ යතුරු පැදි තුනකින් පැමිණ ඇති සැකකරුවන් මුලින්ම හෝටලය ඉදිරිපිට පෙට්‍ට්‍රල් වක් කර පසුව පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.

ප්‍රහාරය සඳහා යොදා ගත් යතුරු පැදි 03ක්ද පොලිස් බාරයට ගෙන තිබේ.

සිද්ධිය වූ මදීනා හෝටලය අසල ඇති වෙනත් වෙළඳසලක සවි කර ඇති ආරක්ෂිත කැමරා පද්ධතියක දර්ශණ උපයෝගී කරගෙන එක් සැකකරුවෙකුව අත්අඩංගුවට ගැනීමෙන් පසු සෙසු සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත.