SRILANKAN NEWS

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙන්වන්න – ගජේන්ද්‍රකුමාර්

“ශ්‍රී ලංකාවතුල අපරාධ ක්‍රියාවලට දඞුවම් නොදීමේ තත්වය තවඳුරටත් පවතිනවා, එය මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව පිළිබඳ කටයුත්ත ජාත්‍යන්තර අපරාධ විමර්ශණ අධිකරණයකට හෝ ජාත්‍යන්තර අපරාධ පිළිබඳ අතුරු කමිටුවක් පත්කර භාර දෙන්න“ යැයි ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඊයේ (14) දින පවැති පොදු සැසිවාරයේදී දෙමළ ජාතික ජනතා පෙරමුණ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා පවසා තිබේ.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ,

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය ගැන අපි ඉතා කණගාටුවට පත්ව සිටිනවා. සිංහල බෞද්ධ ජාතිවාදී කණ්ඩායම් විසින් සුළු ජාතික මුස්ලිම් ජනතාව ඉතා සැලසුම් සහගතව ඉලක්ක කර තිබීම මෙම කවුන්සිලය දැන සිටිනවා. 2009 මැයි මාසයේදී යුද්දය අවසන් වූ කාලයේ සිට මෙවැනි අපරාධයන් මුස්ලිම් ජනතාවට එරෙහිව දිගින් දිගටම සිඳුවෙමින් පවතිනවා. මුස්ලිම් සමාජය ආර්ථික වශයෙන් අඩපණ කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන කුමන්ත්‍රණකරුවන්ට එය නිසිලෙස ඉටුකරන තෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගෙන, නැතිනම් සුළු වශයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීම යන ස්ථාවරය තමයි මෙතෙක් කාලයක් බලයේ සිටි රජයන් අනුගමනය කළේ.

දෙමළ ජනතාවට එරෙහි ජන සංහාරය අවසන් වූ සැණින් මෙලෙස මුස්ලිම් ජනතාව මර්ධනය කිරීමේ වැඩපිළිවල ශ්‍රී ලංකා දේශය තමන්ව තනි සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී රටක් ලෙස පත්කරන ප්‍රතිපත්ති ගමනක් ලෙස මෙය හැඳින්විය හැක. දෙමළ ජනතාවට එරෙහිව සිඳුකළ ජාත්‍යන්තර මානව හිමිකම්, මානුෂිය උල්ලංඝණය සම්බන්‍ධයෙන් නිසිලෙස අවධානය යොමු කිරීමට මෙම (මානව හිමිකම්) කවුන්සිලය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව අපොහොසත්වූ හෙයින් මෙලෙස සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී දේශයක් ලෙස තමන්ව වෙනස් කරගන්නා ශ්‍රී ලංකාවේ ක්‍රියාවලියට රුකුලක් වී තිබෙනවා.

මෙම හේතුව නිසා තමයි මෙලෙස මුස්ලිම් ජනතාව ඉලක්ක කරන්නේ, එමෙන් මෙම පසුබිමේ ශ්‍රී ලංකා කටයුත්ත ජාත්‍යන්තර අපරාධ විමර්ශණ අධිකරණයට භාර දෙනන, නැතිනම් ජාත්‍යන්තර අපරාධ පිළිබඳ අතුරු කමිටුවකට භාර දෙන්න. මෙයට වඩා වෙනත් කිසිම ක්‍රියාමාර්ගයකින් (ශ්‍රී ලංකාවේ පවතින) අපරාධවලට දඞුවම් නොකිරීමේ අපරාධය නවතා දැමිය නොහැක.“ යැයි පවසා තිබේ.