තීරු බදු රහිතව නීති විරෝධිව මෙරටට රැගෙන ආ විදෙස් මත්පැන් බෝතල් තොගයක් සමග ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ගුවන් තොටුපල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදු කෙරුණු පරික්ෂාවකදීයි මෙම නීති විරෝධි මත්පැන් බෝතල් තොගය අත්අඩංගුවට ගැණුණේ.
ඉන්දියානු ජාතිකයෙකු වන සැකකරුගේ වයස අවුරුදු හතලිස් හයක්. ඔහු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.