බංගලදේශ ක්‍රීඩකයන් දෙදෙනෙකුට ICCයෙන් දඬුවම්

ශකිබ් අල් හසන් සහ නුරුල් හසන්ට ඊයේ(16දා) දිනයේ තරගය අවසානයේ හැසිරුනු ආකාරය හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් දඬුවම් පනවා තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ දිනයේ බංග්ලාදේශ ශ්‍රී ලංකා නිදහස් කුසලාන තරගය අවසානයේ ඛෙත්තාරාම පිටියේදී ඇතිවූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂන පවත්වන බව දන්වා තිබිනි.

ඒ අනුව බංග්ලාදේශ ක්‍රිකට් නායක ශකිබ් අල් හසන් සහ අතිරේක ක්‍රීඩකයෙකු ලෙසින් ක්‍රීඩා කළ නුරුල් හසන් හට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් සියයට 25ක මුදලක දඩයක් පැනවීය.

එයට අමතරව මිට අමතරව ICC ක්‍රීඩක නීති මාලා පද්ධතියට අනුව ඔවුන්ට අවගුණ ලකුණ බැගින් එක්විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top