ජාතිවාදය ඇවිලූ අමිත් වීරසිංහ ඇතුළු 10 දෙනා යළි රිමාන්ඩ්

මහනුවර නගරයේ පසුගිය කාලයේ සිදුවූ කලබල ඇති කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ ඇතුලු සැකකරුවන් 10 දෙනා මාර්තු 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මොවුන් සාපරාධි ක්‍රියාවලට අදාලව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන දින 14ක රැඳවුම් නියෝග මත පරික්ෂණ සිදු කළ අතර ඊයේ (17) දිනයේදී අදාළ සැකකරුවන් 10 දෙනාම අධිකරණයට ඉදිරිපත් කර ඇත.

ඒ අනුව සැකකරුවන්ගෙන් 08 දෙනෙකු ඊයේ තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයටත් අනෙකුත් සැකකරුවන් දෙදෙනා ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව සැකකරුවන් එළඹෙන 28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අධිකරණය නියෝග කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top